රෙනෝල්ට් මැදපෙරදිග කලාපයේ අලෙවියෙන් පසු සේවා සහ අමතර උපාංග සම්මාන ප්‍රධානයේදී ප්‍රධාන සම්මාන කිහිපයක් හිමි කරගනිමින් ජයග්‍රාහකයා බවට පත්වීමට සලේහ් අල් හමාඞ් අල් මානා සමාගමට හැකිවිය. කටාර් හි රෙනෝල්ට් වාහන බෙදාහැරීමේ එකම නියෝජිතයා වන්නේ සලේහ් ල් හමාඞ් අල් මානා සමාගමයි.
එහිදී අළෙවියෙන් පසු සේවා අංශයෙන් “හොඳම උපාංග කාර්ය සාධනය”, “හොඳම ව්‍යාපාරික අවස්ථ සංවර්ධනය”, “අමතර කොටස් කාර්ය සාධනය” සහ “හොඳම අළෙවියෙන් පසු සේවාව” යන සම්මාන දිනා ගැනීමට අල් මානා සමාගමට හැකිවිය.
රෙනෝල්ට් සමාගම විසින් මෙවර කලාපීය උපාංග අභියෝගතා 2015 නමින් සම්මාන ප්රධානයක්ද පැවැත්වූ අතර එයට කටාර්, කුවේටය සහ බහරේනය යන රටවල් ඇතුළත් විය. එම අංශයෙන් “හොඳම අමතර කොටස් ආනයනය”, “හොඳම අමතර කොටස් කළමනාකරු”, “හොඳම විකිණුම් කළමනාකරු” සහ “හොඳම වෙළෙඳ විධායක” යන සම්මාන දිනාගැනීමටද සලේහ් අල් හමාඞ් අල් මානා සමාගමට හැකිවිය.
රෙනෝල්ට් ආෆ්ට්සේල් ජීසීසී හි සාමාන්‍යාධිකාරි ටෝනි බෝටෙට්, රෙනෝල්ට් ආෆ්ටර් සේල්ස් කලාපීය කළමනාකරු ගිලෙස් නෝවෝ යන මහත්වරුන් විසින් සම්මාන ප්රදානය කරනු ලැබීය.