රේගුවෙන් කෝටි 23 ක කොකේන් අල්ලයි


(යොහාන් භාසුර සහ ටී කේ ජී කපිල)

රුපියල් කෝටි 23 කට අධික වටිනාකමින් යුත් කොකේන් බවට සැක කරන මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 5 කට ආසන්න ප්‍රමාණයක් රෙදිපිළි සමඟ සඟවාගෙන පැමිණි බොලිවියානු ජාතික කාන්තාවක් කටුනායක ගුවන්තොටුපළේදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය අත්අඩංගුවට ගැනීමට සමත් විය.

බ්‍රසීලයේ සිට ඩුබායි හරහා පැමිණි ඇය 26 හැවිරිදි වියේ පසුවන අතර මෙය ඇයගේ පළමු විදෙස් සංචාරය බවත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සහය ඇතිව රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ වැඩි දුර පරීක්‍ෂණ පවත්වන බවත් රේගු දෙපාර්තමේන්තුව වැඩි දුරටත් පවසයි.