(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා - පාකිස්ථානු රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සැමරීම වෙනුවෙන් සමරු මුද්දර නිකුත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ශ්‍රී ලංකාව සහ පාකිස්ථානු රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කර 2022 වර්ෂයට 75 වසරක් සපුරා ඇත. දෙරට අතර පවතින දීර්ඝකාලීන රාජ්‍ය තාන්ත්‍රික සබඳතාව සනිටුහන් කරමින් සමරු මුද්දර 2 ක් නිකුත් කිරීමට දෙපාර්ශ්වය අතර එකඟතාවකට පැමිණ ඇත.
ඒ සඳහා ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව සහ පාකිස්ථානු තැපැල් ආයතනය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීම පිණිස බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.