ලංකාවට ආවේණික දිවියා කටුගෙට ?


තේ වතු ආශ්‍රිත ව සැරිසරන ශ්‍රි  ලංකාවට  පමණක්  ආවේණික දිවියන් හිටි ගමන්  මිය යාම පිළිබඳව නල්ලතන්නිය වනජිවි කාර්යාලය පරික්ෂණයක්  ආරම්භ කර ඇත. හැටන්, වටවල, ආගරපතන හා  නොර්වුඩ් හි  දිවියන්  ගණනාවක් බාහිර තුවාල නොමැතිව මිය යාම ගැන ඔවුහු  සැක පහළ කරති. මස් වලට  වස දමා  මේ  සතුන්  මරා දමන්නේ දැයි  සොයා  බැලීමට  පශු වෛද්‍යවරු සැරසෙති.

පසුගිය මාස පහේ දී  උඩරට දී  අභිරහස් ලෙස ද දඩයම්කරුවන්ගේ උගුල් වලට  අසුවී මිය ගිය දිවියන්ගේ ගණන දහය ඉක්මවන බව  වනජිවි නිලධරයෝ කියති. වඳුරාගේ සිට මීහරකා  දක්වා  සතුන්  ආහාරයට  ගන්නා  ලංකා දිවියා ආහාරයට ගනියි. 'පැන්තරා පාඩුස් කොටියා' යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන  දිවියා ශ්‍රි ලංකාවේ උප විශේෂයක්  බවත්  ශ්‍රි ලංකාවේ  කොටි  ජනග්‍රහණය 250 ක්  බවත් කියති. සත්ව විද්‍යාඥ පී.ඊ.පී දැරණියගල  1956 දී මුල් වරට  මෙම කොටියා හඳුනා  ගත්තේය.

d22[1] DSC00026[1] DSC03496[1]

DSC00266 DSC03492