ලක් ප්‍රගතිය ගැන යුරෝපය සතුටින්


සියලූ අංශයන්ගෙන් ශ්‍රී ලංකාව ලබා ඇති ප‍්‍රගතිය පිළිබඳව සතුටට පත්වන බව යුරෝපා සංගමය සඳහන් කර සිටියි.

එම සංගමයේ ආසියා ‐ පැසිෆික් කලාපීය විදේශ සේවා අධ්‍යක්ෂ ගුනා වේගන්සි විසින් බෙල්ජියමේ බ‍්‍රසල්ස් නුවර පැවති ශ්‍රී ලංකා - යුරෝපා සංගම් ඒකාබද්ධ කොමිසමේ 20 වැනි හමුවේදී මේ බව සඳහන් කර ඇතැයි බ‍්‍රසල්ස් තානාපති ආරංචි කියයි.

ශ්‍රී ලංකා රජය සහ යුරෝපා සංගමය අතර සමීප සබඳතාවක් පවතින බවයි.

විදේශ ලේකම් චිත‍්‍රාංගනී වාගීෂ්වර මහත්මිය ශ්‍රී ලංකාව නියෝජනය කළාය.