මොරගහකන්ද ජලාශයට සඳහා ඉඩම් හා දේපළ පරිත්‍යාග කර වෙනත් ස්ථානවල පදිංචි කරවූ වැසියෝ මහවැලි අධිකාරිය තමනට පොරොන්දුවූ පහසුකම් නොදුන් බව කියමින් දඹුල්ල - මහියංගණය ප්‍රධාන මාර්ගය ලග්ගල පොලිසිය අසලින් හරස් කරමින් අද (21) විරෝධතාවයක නිරත වෙති.
පාරේ මිනී පෙට්ටි තබා බිම වාඩිවී විරෝධයේ නියුතුව සිටින පිරිස හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු ඇණහිට ඇතැයි පොලිසිය කියයි.