යුද සමයේ ඉන්දියාවට ගොස් තමිල්නාඩු ප්‍රාන්තයේ වාසය කරන ශ්‍රී ලාංකික දෙමළ සරණාගතයින් වෙනුවෙන් ඉන්දීයා රුපියල් කොටි 105.97ක මුදලක් වෙන්කිරීමට තමිල්නාඩු ප්‍රාන්ත සභාව පියවර ගෙන තිබේ.
තමිල්නාඩු ප්‍රාන්ත සභාවෙි 2016 /2017 වසර සදහා ඉදිරිපත්කළ වැය ශීර්ෂයෙන් මෙම මුදල වෙන්කර ඇත
ශ්‍රීලාංකික දෙමළ සරණගතයින්ට ද්විත්ව පුරවැසිභාවය හිමිකර දීමට මධ්‍යම රජයට බලකරන බවත් මෙි සමිබන්ධයෙන් පසුගිය මාසයේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමගද සාකචිඡා කළ බවත් තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා ජයරාම් අවධාරණය කර ඇත.
තමිල්නාඩු ප්‍රාන්තයේ මෙි වන විට සරණාගත කදවුරු 100කට වැඩි ප්‍රමාණයක් පවතින බවත්, ඒවායෙහි ශ්‍රී ලාංකික දෙමළ සරණාගතයින් 100000ක පමණ පිරිසක් සිටින බවත් ජයලලිතා ජයරාමි කියන්නීය.