ලීසා හේඩන් සරාගී නිරූපණ ශිල්පිනියක ලෙස කා අතරත් ප්රසිද්ධයි. ඇය විසින් බොහෝවිට දායකත්වය ලබාදෙනු ලබන්නේ අඩනිරුවත් ඡායාරූප සඳහා වන්නක් බවද බොහෝදෙනාගේ මතයයි. කෙසේ නමුත් ඇය විසින් GQ සඟරාව වෙනුවෙන් පෙනී සිටි ඡායාරූප පෙළ නිසා ඇය නිරූපණ ක්ෂේත්රයේ බොහෝදෙනාගේ දෝෂාරෝපණයට ලක්වී ඇති බව සඳහන්. මේ සඳහා ඇය දායකත්වය ලබාදී ඇත්තේ මුදල්මය හේතුවක් නිසා බවයි එහි වැඩිදුරටත් සඳහන් වෙයි. මෙම ඡායාරූප පෙළ සිදුකර ඇත්තේ 2014 වර්ෂයේදී වූවත් ගෙවීම් පිළිබඳ කාරණාව පිළිබඳව කතා බහට ලක්වීම හේතුවී ඇත්තේ පසුගියදා වූ සිදුවීමක් බවයි සඳහන් වන්නේ.