පසුගිය ඉරිදා දිනට යෙදී තිබුණ ලුලියා වැන්තර්ගේ 36 වැනි උපන්දිනය සල්මාන් ඛාන්ට අයත් මුම්බායිහි බන්ද්‍රා නිවසේදී චාම් ලෙස පවත්වන්නට වූ බව මේ වනවිට බොහෝ පිරිසක් දන්නා කාරණයක්. මේ සඳහා සල්මාන් ඛාන් පවුලේ සාමාජිකයන් පමණක් එක්වූ අතර, සල්මාන්ගේ සමීපතම නිළියක් වූ ප්‍රිටි සින්ටා හා ඇගේ සැමියා පමණක් මෙම උපන්දින සාදයට ආරාධිතව එක්ව සිටි බව සඳහන්.
වාර්තා වන අන්දමට සල්මාන් විසින් ලුලියාට ඉහළ වටිනාකමක් ඇති ත්‍යාගයක් ප්‍රදාන කළ අතර, එය වටිනා නිවසක්ද, නැතහොත් අලුත්ම පන්නයේ වටිනා මෝටර් රථයක්ද යන්න තවමත් නිශ්චිත වාර්තා නොවන බව අන්තර්ජාල වෙබ් අඩවි වාර්තා කරනවා. එමෙන්ම සල්මාන් සොහොයුරන්ගෙන්ද ඇයට වටිනා ත්‍යාග කිහිපයක්ද ලැබුණ බව මෙම තොරතුරු වැඩිදුරටත් සඳහන් කරනවා.