ලෝක කුසලානය දිනා විසි වසරයි : ජවය තවමත් එලෙසමයි


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 1996 වසරේදී ලෝක කුසලානය දිනා වසර 20 ක් සපිරිම නිමිත්තෙන් කොළඹ සී.සී.සී පිටියේ සංවිධානය කර තිබූ විශේෂ ප්‍රදර්ශන ක්‍රිකට් තරගයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්විය.

ඊට එක්ව සිටි පැරණි සහ නවක ක්‍රිකට් ක්‍රීඩකයින් රැසක් හමුවූ ජනාධිපති ඔවුන්ට සුබ පැතුම් එක් කළේය. 1996 වසරේ ක්‍රිකට් ලෝක කුසලාන තරගයට එක්ව සිටි අර්ජුන රණතුංග ගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමේ ක්‍රීඩකයින් සහ හිටපු ප්‍රවීන ක්‍රීඩක රෝයි ඩයස් ගේ නායකත්වයෙන් යුත් ක්‍රිඩකයින් කණ්ඩායමක් සමග පැවැත්වූ සුහද ක්‍රිකට් තරගය නැරඹීමටද ජනපති එක්වූ අතර ඔවුනට ත්‍යාග ද පිරිනැමීය.

පැවැති තරගයෙන් ලැබුණු මුළු ආදායම උතුරු නැගෙනහිර පළාත් වල වෙසෙන වකුගඩු රෝගීන්ට ආධාර පිණිස පරිත්‍යාග කිරීමේ චෙක්පත හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහානාම ජනාධිපතිට පිළිගැන්වීය. ශ්‍රී ලංකා ක්‍රිකට් සංගමය සංවිධානය කළ මෙම උත්සවයට ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර, සිංගර් ශ්‍රී ලංකා සභාපති හේමක අමරසූරිය, හිටපු ක්‍රිකට් සභාපති ආනා පුංචිහේවා යන මහත්වරු ඇතුළු ක්‍රීඩාලෝලීහු  රැසක් එක්ව සිටියහ.

පැවැති සුහද තරගයෙන් අර්ජුන රණතුංගගේ නායකත්වයෙන් යුත් 1996 ලෝක ශූර කණ්ඩායම ජයග්‍රහණය ලබාගත් අතර පිත්තෙන් සුවිශේෂි දස්කම් දැක්වූ රොමේෂ් කළුවිතාරණ තරගයේ වීරයා බවට පත්විය.

Former-Sri-Lankan-cricketer-Asanka-Gurushe-plays-a-shot-during-a-friendly-T20-match-between-the-1996-World-Cup-winning-team-members-and-former-national-cricketers-in-Colombo-on-March---19 worldcup_2016320 worldcup_2016320-2 worldcup_2016320-3 worldcup_2016320-4 worldcup_2016320-5 worldcup_2016320-6 worldcup_2016320-7 worldcup_20163208