වකුගඩු ජාවාරම්කරුවන්ට රැදවුම් නියෝගයක්


වකුගඩු ජාවාරමට සම්බන්ධ බව කියන මිරිහාන රැදවුම් බාරයේ රඳවා සිටින සැකකරුවන් හත් දෙනා කොළඹ බන්ධනාගාරය වෙත යැවීමට  කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පිරිස් මහතා  අද (19) නියෝග කළේය.

මෙලෙස රැදවුම් නියෝග කරන ලද්දේ පොලිස් අධිකාරි ඩබ්.එච්.චන්ද්‍රතිලක මහතා කොළඹ අපරාධ කොට්ඨාසය වෙනුවෙන් පෙනී සිට අධිකරණයට කළ ඉල්ලීමකට අනුවයි. සැකකරුවන් මිරිහාන රැදවුම් බාරයේ රඳවා තිබිමට තරම් ආරක්ෂාවක් එහි නොමැති බවත් කොළඹ බන්ධනාගාරයකට යොමු කර  ඉතිරි  නඩු වලට යොමු කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේය.

ප්‍රධාන සැකකරු ඉන්දියාවට පැන ගොස් ඇතැයි ආරංචි මාර්ග පවසයි. ඔහු අත්අඩංගුවට ගැනීමට  වරෙන්තු නිකුත් කර  ඇත.