වනජීවී නිලධාරියාගේ තුවක්කුව අතේ පත්තුවෙයි


හම්බන්තොට වනජීවී කාර්යාලයේ අඩවි සහකාරවරයකු රාජකාරී වැටලීමකට ගොස් සිටියදී සිය ගිනි අවිය ක්‍රියාත්මක වී වෙඩි වැදීමෙන් මියගොස් ඇතැයි හම්බන්තොට පොලීසිය කියයි.

හම්බන්තොට වල්සපුගල ක්‍රියාත්මකවු මුවන්ට වස දී ඝාතනය කිරීමේ ජාවාරමක් වැටලීමට අද(5) අලුයම ගිය අවස්ථාවේ අඩවි සහකාරවරයා මෙලෙස වෙඩි වැදී මියගොස් ඇත.