වරාය නැව් බඩු මධ්‍යස්ථානය ජනපති අතින් විවෘත වෙයි


ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කන්ටේනර් නැව් බඩු මධ්‍යස්ථානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (10) විවෘත කළේය.

වරාය අධිකාරියේ 37 වැනි සංවත්සරය ද අදයි.

වකුගඩු රෝගීන් සඳහා වූ ජනාධිපති අරමුදලට රුපියල් ලක්ෂ 25ක් ද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ජනාධිපති ට බාරදුන්නේය.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නව වෙබ් අඩවිය ද විවෘත කැරිණි.

DSC_0239 DSC_0302 DSC_0404