වරාය සේවකයන් සිව්දෙනෙක් උපවාසයක


වාර්ෂික බෝනස් දීමනාව වැඩි කිරීම ඇතුළු තවත් ඉල්ලීම් පහක් මුල් කරගනිමින් වරාය සේවකයන් සිව්දෙනෙක් අද (10) පස්වරුවේ උපවාසයක් අැරඹූහ.

වෘත්තිය සමිති නායකයන් හතර දෙනකු එසේ උපවාසයක් අරඹා ඇති අතර වරාය තුන්වැනි ගේට්ටුව උඩ නැග ඔවුහු උපවාස කරති. 

පසුගියදා ඔවුන්ගේ ඉල්ලීම් දිනාගැනීමට අකුරට වැඩ කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබු නමුත් ඒ සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය යොමු නොවීම හේතුවෙන් මෙසේ අඛණ්ඩ උපවාසයක් ඇරඹූ බව ඔවුහු කියති.

DSC_0377 DSC_0396 DSC_0430