වසන්ත මුදලිගේ යළි රිමාන්ඩ්


(නිමන්ති රණසිංහ)

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන සිට බන්ධනාගාර ගතකළ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ හෙට (13) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත ගතකිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී. එන්. එල්. මහවත්ත මහත්මිය අද (12) නියෝග කළාය.

මෙම සැකකරු එලෙස තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත ගත කිරීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ  නීතිපතිවරයාගේ උපදෙස් ලැබෙන තුරුය .

මෙම සිද්ධියට අදාළව ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව අත්අඩංගුවට රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ගල්වැව සිරිධම්ම හිමි නීතිපති උපදෙස් ප්‍රකාරව ඇප මත මුදා මුදාහැරීමට අධිකරණය නියෝග කළේ ඉකුත් 23 වෙනිදාය.

ගාලුමුවදොර අරගල සිද්ධියට අදාළව මෙම සැකකරුවන් දෙදෙනාව පොලීසිය අත්අඩංගුවට ගෙන තිබුණේ ඉකුත් අගෝස්තු මාසයේදීය.

(ඡායාරූප: ශාන්ත රත්නායක)