වසර 13කට පසු බුධ ග්රහයා සූර්යයා හරහා ගමන් කිරීමේ දුලබ සංක්රාන්ති අවස්ථාවක් දැක බලාගැනීමට ලක්වාසීන් මැයි 9 වැනිදා අවස්ථාව උදාවන බවද නවීන තාක්ෂණ පිළිබඳ ආතර් සී ක්ලාක් ආයතනය පවසයි.
සූර්යයාගේ මුහුණත හරහා ග්රහ වස්තුවක ගමන් කිරීමක් එසේත් නැතිනම් සංක්රාන්තියක් සිදුවීම සාපේක්ෂව දුර්ලබ අවස්ථාවක් වන බවත් පෘථිවියේ සිට බැලිය හැකි එකම සංක්රාන්තිය බුධ හා සිකුරු සංක්රාන්තීන් පමණක් බවත් ඔවුහු කියති.
මෙම සිදුවීම 9 වැනි සඳුදා සවස 4.42ට පමණ දැක බලාගත හැකි බවත් සවස 6.16 පමණ වන තෙක් බටහිර ක්ෂිතිංයෙ පැහැදිලිව ඇති ස්ථානයක සිට නිරීක්ෂණය කළ හැකි බවත් කියති. මෙය පියවි ඇසින් නිරීක්ෂණය කිරිම අනතුරුදායක බවද ආතර් සී ක්ලාක් ආයතනය කියයි.