ව්‍යවස්ථාදායක සභාව විනිවිද භාවයකින් තොරවීම නිසා ජනතාවගේත්, තමන්ගේත් මූලික අයිතිවාසිකම් කඩ වී යැයි නීතීඥවරු දෙදෙනෙක් ශ්‍රේෂ්ඨාධිකරණයට අද (30) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළහ.
නුගේගොඩ සරත් කුමාර වේරගොඩ සහ සුමුදු සඳරුවන් යන මහත්වරුන් විසින් ගොනු කරුණූ මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස ව්‍යවස්ථාදායක සභාවේ සභාපති කරු ජයසූරිය මහතා ඇතුළු එහි සාමාජිකයෝ 10 දෙනාද , පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා සහ නීතිපති නම් කරනු ලැබ සිටිති.