වැට් බදු හා ජාතිය ගොඩනැගීමේ බදු පනත ජූලි මාසය අවසන්වීමට පෙර පාර්ලිමේන්තුවේදී නීතිගත වනු ඇතැයි බලාපොරොත්තුවන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පසු ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය.
‘‘අදාළ නීති පාර්ලිමේන්තුවේ සම්මත කරන තුරු අගය එකතු කිරීමේ බද්ද (වැට්) හා ජාතිය ගොඩනැගීමේ බද්ද (එන්බීටී) ක්‍රියාත්මක කිරීම නතර කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (11) නියෝග කළේය.
රජයේ ආදායම් එකතු කිරීමේ ක්‍රියාවලියට මෙම අතුරු නියෝගයෙන් කිසියම් බරපතල බලපෑමක් ඇති නොවෙතියි බලාපොරොත්තු වන්නෙමු. වැට් සංශෝධන පනත පළමුවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට පසුගිය ජූලි 8 වැනිදා ඉදිරිපත් කැරිණි. දෙවැනිවර කියවීම ජූලි 23 වැනිදාට නියමිතය.
සමගි රජයට පාර්ලිමේන්තුවේ පැහැදිලි බහුතරයක් ඇති හෙයින් ජූලි මාසය අවසන් වීමට පෙර පනත සම්මත කිරීමේ ක්‍රියාවලිය අවසන් කළ හැකි වෙතියි බලාපොරොත්තු වන්නෙමු. ඉන්පසුව 2016 මැයි 2 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි සංශෝධිත මිල ගණන් අදාළ වන්නේය.‘‘