වැට් බද්දට තවත් වැටක්


එකතු කළ අගය මත වැට් බදු සංශෝධන පනත් කෙටුම්පතේ ඇතුළත් වගන්තීන් ආණුඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවයි. එහෙයින් එම පනත් කෙටුම්පතට පාර්ලිමේන්තුවේ විශේෂ බහුතර මන්ත‍්‍රී සංඛ්‍යාවකින් සහ ජනමත විචාරණයකින් අනුමැතිය ලැබිය යුතු බවට නියෝග කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද  (15)  තවත් පෙත්සමක් ගොනු විය.

නීතීඥවරයෙකු වන පී.ලියනආරච්චි මහතා විසින් මෙම පෙත්සම ගොනු කළේය. වගඋත්තරකරු නීතිපතිවරයා නම් කරනු ලැබ සිටීයි.

නීතීඥ දර්ශන වේරදුවගේ මහතා මාර්ගයෙන් ගොනු කර ඇති පෙත්සමේ මෙසේද සදහන් වේ.

වැට් බදු සංශෝධන පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කර ඇත.

මෙම පනත් කෙටුම්පතෙහි 2(3) , 10 (2) (ඈ) සහ 27 (1) වගන්තීන් මඟින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 3 , 4 ,12 (1) සහ 14 (2)  වගන්තීන් උල්ලංඝනය වේ.

දැනටමත් මෙම බදු වැඩිකර ඇති බැවින් නව බදු සංශෝධනය යටතේ සියයට 17 සිට 22 දක්වා වැඩි කිරීම ආසාධාරණ වේ.