වැට් බද්දට මාතරින් කඹුරුපිටියෙන් විරෝධය


වැට් බද්දට එරෙහිව මාතර හා කඹුරුපිටිය ව්‍යාපාරිකයෝ අද (23) කඩ සාප්පු වසා විරෝධය පෑම ඇරඹූහ.

අඩු ගණනේ කඩ සාප්පු දෙදහසකට වැඩි ගණනක් වසා ඇතැයි උද්ඝෝෂකයෝ කියති.

වැට් බද්දෙන් වෙළෙන්ඳාත් පාරිභෝගිකයාත් දෙන්නාම නැත්තටම වැනසී යතියි උද්ඝෝෂකයෝ පවසති.

නගරය දෙපැත්තෙන් උද්ඝෝෂකයෝ මාතර බස් නැවතුම්පොළ ඉදිරියට එමින් සිටිති.

IMG_20160623_094041 IMG_20160623_094154 IMG_20160623_095704