එකතු කළ අගය මත බද්ද 15% දක්වා හා ජාතිය ගොඩ නැගීමේ බද්ද 2% දක්වා වැඩි කිරීම මගින් තමන්ගේ හා තම රටේ පුරවැසියන්ගේ අයිතිවාසිකම් කඩවන බව කියමින් එය ක්‍රියාත්මක කිරීම වළක්වන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද එම බද්ද අහෝසි කරන ලෙසද ඉල්ලමින් ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු පස් දෙනෙකු විසින් ගොනු කැරුණු පෙත්සම් පහක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (22) අවසර දුන්නේය.
මෙම පෙත්සම් අගවිනිසුරු හා බුවනෙක අලුවිහාරේ යන විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණි.
පෙත්සමේ අතුරු නියෝග සම්බන්ධව කරුණු තහවුරු කිරීමට ජූලි 4 යළි කැඳවන ලෙසද නියෝග කැරිණි. මුදල් ඇමැති රවී කරුණානායක, දේශීය ආදායම් බදු කොමසාරිස් ජනරාල් ඇතුළු පිරිසක් මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කරනු ලැබ සිටිති.
නීතිපති වෙනුවෙන් පෙනීසිටි නියෝජ්‍ය සොලිසිට ජනරාල් ෆර්සානා ජමීල් සිය විරෝධය පළ කරමින් කියා සිටියේ මෙම බදු පැනවීම නීතියට එකඟ බවත් එය පිස්කල් රෙගුලාසිවලට අනුකූල බවත්ය. එමෙන්ම එය දැනට පාර්ලිමේන්තු අනුමැතියට යොමු කර ඇති බවත් ඔහු කීවේය.