වැඩියෙන්ම අපහාස විඳින්නේ පෝල්ට්‍රෝලු


2016-07-07-ent-61

මේ වනවිට දැවැන්ත කතාබහකට ලක්වන සිය ග්වේන්ත් පෝල්ට්‍රෝගේ පෙම් සබඳතා ගැන පෝල්ට්‍රෝ පසුගිය සතියේ අපූරු කතාවක් පැවසූ අතර ක්‍රිස් බ්‍රවුන්ට වඩා රසිකයන් දැන් වෛර කරන්නේ තමන්ට බව ඇය පවසන්නීය. විශේෂයෙන්ම ඇයගේ මව පවා හිටපු ජනප්‍රිය නිළියක් වීමත්, පියාද හිටපු චිත්‍රපට නිෂ්පාදකවරයෙකු වීම හේතුවෙන්ද මෙවැනි මඩ ප්‍රචාර එල්ල කිරීමට මාධ්‍ය පෙළඹී ඇති බැව් පෝල්ට්‍රෝ පවසන්නීය. ඒ අනුව මීට පෙර බ්‍රැඩ් පිට්, බෙන් ඇෆ්ලෙක් සමගින් පෙම් සබඳතා පැවැති පෝල්ට්‍රෝ, අවසානයේදී ක්‍රිස් මාටින් සමගින් විවාහ වූ නමුත් 2014 වසරේදී වෙන්වූයේ තනිකඩ ජීවිතයකට යොමු වෙමිනි.

 

මාලන්

 

2016-07-07-ent-60