වැඩේ වන වුණ හැටි


2016-04-11-ent-07තමන්ගෙ වුර්තීය ප්‍රශ්නයක් ගැන සාකච්ඡාවක් කරන්න කොළඹ මුහුද අයිනෙ තියන ලොකුම රාජ්‍ය අධිකාරියක ට්‍රේඩ් යුනියන් කස්ටිය සභාපති තැන මුණගැසුණා. ටිකක් වලියට කාරිය බර සභාපති තැනගෙන් සංගම් කස්ටිය ඉල්ලා සිටියෙ යෝජනා කරල තියන බෝනස් කැපිල්ල නතර කරන්න කියලයි.


ආයතනෙ කෝටි ගණන් ලාභයි ලාභයි කියනව නම් තියන බෝනස් එකටත් තට්ටු කරන්න යන්නෙ මොකද කියලයි යුනියන් කස්ටිය සභාපතිගෙන් ඇහුවෙ.


මේක ඇහුවම සභාපති තැනට මලපැන්න. මාධ්‍ය කස්ටියත් එක්ක ළඟදි ඇද ගත්ත වගේ ඇද ගත්ත වලියක්. &තමුන් දැනගන්නව මගේ හැටි මම තමුසෙ ගැන හොයනව දැනගෙන ඉන්නව මගේ හැටි* කියල මෙයා තදින්ම සේවකයන්ට සත්තම දානකොට සේවකයො මුහුණට මුහුණ බලා ගත්ත. ඊළඟට එයාල මෙහෙම කිව්ව. "යහපාලනේට හපන් පවුල් පාලනේ"


ඊට පස්සෙ ගොඩින් බේර ගන්න තිබුණ ප්‍රශ්නය වන වුණා. ස්ට්‍රයික් එකකුත් දියත් වුණා.

 

DESHAYA