වැස්සත් සමග ගම්පොළ කුණු ගඳ තවත් පැතිරෙයි


ගම්පොළ නගර සභාව වසර පහක් පුරා කුණු බැහැර කිරීමට අම්බුළුවාව කන්දේ පවත්වාගෙන ගිය ස්ථානයට ජන විරෝධය එල්ලවීමත් සමග ජෛව විවිධත්ව සංකීර්ණයේ කොටසකට කුණු බැහැර කිරීමට ඔවුන් පියවර ගත් අතර අද මහ වැස්සට එම එය තෙමී අවට ප්‍රදේශයටම දුඟද පැතිරී ඇතැයි වැසියෝ කියති.

එහි කුණු දැමීමට විරුද්ධව ජනතා විරෝධය දැඩිව පැන නැගුණු අතර මේ වන විටත් ඊට එරෙහි උපවාසයක් ක්‍රියාත්මක වෙමින් පවතී. නගරයේ බොහෝ ස්ථානවල කුණු ගොඩගසා ඇති අතර වැසි ජලය සමග කුණු මිශ්‍රවීම හේතුවෙන් ගම්පොළ නගරයම දුඟදින් පිරී පවතී.

 02 03 04 05 06 07 08