විචාරය කරන්න පුළුවන් ගීතයක් වෙයි


20160329-ent-51

"මෑෂප්" කියන සංකල්පය අපේ රටට අලුත් දෙයක් නොවුනත්, ඒ සංකල්පය තුළ විශාල වෙනස් කරනු ලැබූ පුද්ගලයෙකු ලෙස දිල්ශාන් උමයංග හැඳින්විය හැකිය. දක්ෂ බටනලා වාදකයෙකු මෙන්ම වෙනස් සංගීත රසයක් ඇති තරුණයෙකු වන ඔහු සාරවිට සඳහා මෙලෙස එක්කාසු කරගත්තෙමු.

"අලුතෙන් සංගීත කණ්ඩායමක් පටන් ගත්තා. ඒකේ නම තමා "ගාන්ධාර්". දැනට වැඩ වගයක් කළා. කොහොමත් Official විදිහට සිංදුවක් කරලා තමයි එළියට එන්න ඉන්නේ. ඉතිං බෑන්ඩ් එකෙ වැඩ කටයුතුත් කරගෙන යන ගමන් අලුත් සිංදු ටිකක් තියෙනවා කරලා. ඉතිං ඉක්මනට එළියට දාන්න තමයි ඉන්නේ. ගොඩක් අය මාව දැනගත්තේ Cover song එකෙන්. ගොඩක් අය කතා කරලා හොඳ කිව්වා. ප්‍රතිචාර ලැබුණා. ගොඩක් අය ඇහැව්වා ආයේ වැඩක් කරන්නෙ නැද්ද කියලා. එක පෝලිමට වැඩ කරන්න උවමනාවක් නැති හින්දා වැඩක් නොකර හිටියා. දැන් අලුතෙන් කරන ගීතය ගැන වැඩිය විස්තර කියන්න හොඳ නැහැ. දැනට කිව්වොත් අලුත් සංකල්පයක් තියෙනවා මේ ගීතය තුළ. මිනිස්සුන්ට විචාරය කරන්න පුළුවන් වැඩක් කියලා කියන්න පුළුවන්. මම උත්සාහ කළේ මේ යන රැල්ල වෙනස් කරන්නයි. හැමෝම කරන දේ අතරේ වෙනස්ම දෙයක් කළොත් තමයි ගොඩක් අයට ඒක පේනේනේ. ඇස් දෙකට දැකලා විතරක් නෙමේ, පොඩ්ඩක් හිතල මතලා විචාරය කරන්න පුළුවන් දෙයක් තමයි කරන්නේ."

 


20160329-ent-55 20160329-ent-54 20160329-ent-53 20160329-ent-52