විජයවර්ධන පරපුරේ මියගිය නෑයනට පිං


කැලණිය රජමහා විහාරයේ ප්‍රධාන දායිකාව වූ හෙලේනා විජයවර්ධන ළමාතැනිය ප්‍රධාන විජයවර්ධන පරපුරේ මිය ගිය ඥාතීනට පිං පැමිණවීමේ ආගමික වැඩසටහනක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ  ප්‍රධානත්වයෙන් කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ දී බදාදා (20) පස්වරුවේ පැවැත්විණි.

මෙම පිංකම සංවිධානය කරනු ලැබූවේ විජයවර්ධන පරපුරේ නූතන පරම්පරාව වන තුඩුගල විජයවර්ධන සංවිධානය විසිනි.

කොළඹ හුණුපිටිය ගංගාරාමාධිපති ගල්බොඩ ඤාණිස්සර කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝනායක නාහිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය සෙත් පිරිත් දේශනා කළහ.

DSC_6697 DSC_6707 DSC_6733 DSC_6745

DSC_6714 DSC_6672

DSC_6684