විත්තිකරුවෝ ඡායාරූප ගන්න ඕන තැන පෙන්වති


ගාලු මුවදොර පිටියේදී ගංජා ළඟ තබාගත් හා පානය කරසිටි 20 දෙනකුගෙන් 19කට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය රුපියල් 5000 බැගින් දඩ නියම කළාය.

ඒ අතර සිටි වයස අවුරුදු 16ට අඩු අයකුට රුපියල් 1500ක දඩයක් නියම කැරිණි.

එම පිරිස කොටුව මහේස්ත්‍රාත් අධිකණයට ගෙන එන අවස්ථාවේ දී මාධ්‍යවේදීන් ඔවුන්ගේ ඡායාරූප ගැනීමට ගිය අවස්ථාවේ ඔවුහු කලිසම ගලවා ‘පසුපස ෆොටෝ ගන්න‘ යැයි කෑගැසූහ.  මාධ්‍යවේදීනට තර්ජනය කරමින් ඔවුන්ගේ රාජකාරියටද බාධා කළහ.

DSC_1524 DSC_1529 DSC_1531