යාපනය පුංකුඩුතිව්හි ශිවයෝගනාදන් විද්‍යා සිසුවිය අපයෝජනය කර මරා දැමීයැයි සැකපිට සිටින නව දෙනා යාපනය මහාධිකරණ විනිසුරු එම් ඉලංගචේලියන් මහතා විසින් මාස තුනක් දක්වා රිමාන්ඩ් කරනු ලැබූහ.
කයිඩ්ස් මහේස්ත්‍රාත් අධිකරණයේ වසරකට වැඩි කාලයක් පැමිණිල්ල විභාගයට ගැණුනු අතර තවදුරටත් සැකකරුවන් රිමාන්ඩ් කිරීමේ බලයක් මහේස්ත්‍රාත් අධිකරණයට නැති නිසා රිමාන්ඩ් දීර්ග කිරීමට නඩුව මහාධිකරණයේ කැඳැවිණි.
පොලිස් විශේෂ කාර්ය බළකායේ සහ පොලිසියේ දැඩි ආරක්ෂක රැකවල් මැද සැකකරුවෝ අද අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූහ.
මෙම සිද්ධියේ පොලිස් විමර්ශන අවසන් බවත්, නුදුරේදීම සැකකරුවන්ට එරෙහිව අධිචෝදනා ගොනු කරනු ඇති බවත් රජයේ නීතීඥවරයා දැන්වීය.