විද්‍යා දැරියගේ මවට රජයෙන් නිවසක්


යාපනය පුංකුඩුතිව්හිදී ඝාතනය කැරුණු අට හැවිරිදි විද්‍යා දැරියගේ මව සහ සහෝදරයා වෙනුවෙන් වව්නියාව කුරුමන්කාඩුවේ ඉදි කළ නිවස ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා අද (03) ඔවුනට බාර දුන්නේය.

දැරිය ඝාතනය වීමෙන් පසුව ඔවුන් ජීවත් වූ ප්‍රදේශයෙන් බැහැරව ජීවත් වීමට අවශ්‍ය බව දැරියගේ මව කර තිබූ දැනුම් දීමක් අනුව නිවාස සංවර්ධන අධිකාරියේ මෙහෙයැවීමෙන්  සිවිල් ආරක්ෂක බළකාය නිවස ඉදි කර දුන්නේය.

(2)(3) (3)(4) (6)(2) (8)(1) (9)(1) (16)