(එම්. කේ. නන්දසේන.)
ලුණුගම්වෙහෙර කුඩා ගම්මාන එක, ස්පීල් ගම්මානයේ කාන්තාවකට නිවසේදී විදුලි සැර වැදීමෙන් මියගොස් ඇතැයි උණුගම්වෙහෙර පොලීසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ යමුනා සඳමාලි ජයතිලක නමැති 28 හැවිරිදි දෙදරු මවකි.
නිවෙස් සාලයේ ජනෙල් රෙද්දක් සවිකිරීම සඳහා ඇණයක් සවිකරමින් සිටියදී අවුරුදු දෙකහමාරක වයසැති දරුවා ඇණයක් ගෙන ඒ අසල තිබූ ප්ලග් එකක සිදුරට ඇතුළු කරන අවස්ථාවේදී අට හැවිරිදි දරුවා දැක මවට පවසා ඇත.
මව කෑ ගසමින් ලමයා පසුපසට යවා ඇණය ගැනීමට උත්සාහ දැරීමෙිදී කාන්තාවට විදුලි සැර වැදී වැටී ඇත.පසුව ළමයින්ගේ කෑ ගැසීම මත අසල් වැසියන් එකතුවී ලුණුගම්වෙහෙර රෝහල වෙත රැගෙන ගොස් ඇතැත් මියගොස් සිටි බව පොලීසිය කියයි.මෙම කාන්තාවගේ සැමියා කොළඹ ප්‍රදේශයේ රැකියාවක් කරන බවටද අනාවරණය වී ඇත.