විනාශවූ ගෙවල් හදන්න ජනාධිපති කාර්ය සාධක බළකායක්


ගංවතුරින් හා නායයෑම්වලින් විනාශ වූ නිවාස ඉදිකරදීම සහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවා ඇතැයි ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවසීය.

ආපදා කළමනාකරණ අමාත්‍යාංශය, ත්‍රිවිධ හමුදාව ඇතුළු පාර්ශ්වයන් මෙම බලකායෙහි සාමාජිකත්වය දරණ බවද ඇමතිවරයා කීවේය.

ගං වතුර බැස යන්නේ ඉතා සෙමින් වුවත් ගං වතුරක කොටු වූ කිසිවෙකුගේත් ජීවිතයකට හානි නොවන අයුරින් ඔවුන් මුදාගැනීමට හැකිවූ බව කී අමාත්‍යවරයා එහිදී ත්‍රිවිධ හමුදාව ඉටුකළ මෙහෙවර අගය කරන බව ද සහන් කළේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.