විරෝධතාකරුවෝ අගමැති නිල නිවෙස වටලති


 

ජනාධිපති,අගමැති ඇතුළු පාර්ලිමේන්තුවේ සියලු දෙනා ඉවත්වන ලෙස බල කරමින් අන්තර් විශ්ව විද්‍යාල සිසුන් මේ වන විට අග්‍රාමාත්‍ය නිල නිවෙස වටලා දැඩි විරෝධයක් එල්ල කරමින සිටිති.

ඇතැම් සිසුන් තාප්පය මත නැග සිය විරෝධය එල්ල කරන අතර නිලනිවෙසට ඇතුළුවන ගේට්ටුව අසල කළු කොඩි ඔසාව ඔවුහු විරෝධය පාති.

-----------------------------------------------------------

(ඉන්දිකා රාමනායක)

කොටුව දුම්රිය පොළ අසලින් ආරම්භ වූ අන්තර් විශ්ව විද්‍යාල සිසුන්ගේ පා ගමන පංචිකාවත්, පුංචි බොරැල්ල සහ බොරැල්ල පසු කරමින විජේරාම මාවතේ කැප්පෙටිපොළ මාර්ග හරහා මේ වන විට ගමන් ගන්නා බව අප වාර්තාකරුවෝ පවසති.

මෙම පා ගමනට 3000සකට අධික සිසුන් පිරිසක් එක්ව සිටිති. 

අග්‍රාමාත්‍ය නිල නිවෙස පිහිටා ඇත්තේ ද විජේරාම මාවතේ වන අතර මේ වන විට කැරලි මර්දන පොලිසිය යොදවා අවහට ආරක්ෂාව දැඩි කර ඇත.

(ඡායාරූප ජයමාල් චන්ද්‍රසිරි)

 

------------------------------------------------------------------------------------------------------

(ඉන්දිකා රාමනායක)

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ආරම්භ කළ විරෝධතා  පාගමන මේ වන විට පංචිකාවත්ත ටෙක්නිකල් හන්දිය පසුකරමින් පංචිකාවත්ත දෙසට ගමන් කරන බව අප වාර්තා කරුවෝ පවසති.

විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම පාගමන නිසා කොළඹ කොටුව අවට දැඩි රථවාහන තදබදයක් පවතී.

(ජයමාල් චන්ද්‍රසිරි)