සිය නර්තන හැකියාව තුළින් කලාවට පිවිසුණු ඇය නමින් අෂි ශහේලිය. ශහේලි තමන්ටම ආවේණික ශෛලියකින් කණ්ඩායම් නර්තන කණ්ඩායමක් පවත්වා ගෙන යන්නීය. නව යොවුන් වියේ පසුවන ඇය "සාරවිට" ආලින්දයට ගොඩවැදුණේ මෙලෙසිනි.
ඔබ ගැන කෙටියෙන් හැඳින්වීමක් කළොත්?
මගේ නම අෂි ශහේලි, මට තාම අවුරුදු 20යි. වෘත්තීය විදිහට නර්තනය කරනවා. ඕන දේකට විවෘතව කතා කරනවා.
නර්තනය පිළිබඳව අදහස් එන්නේ කොහොමද?
පාසල් අධ්‍යාපනයෙන් පසු රැකියාවක් තිබුණේ නෑ. ඊට පස්සේ පාසලේ හදාරපු නර්තන දැනුම සමග පොඩියට නර්තන කණ්ඩායමක් පටන් ගත්තා.
නර්තන කණ්ඩායම ගැන කිව්වොත්?
අපේ නර්තන කණ්ඩායමේ සාමාජිකාවන් හයදෙනෙකු ඉන්නවා. ඒ අය ඉතා හොඳ නර්තන දක්ෂතාවලින් පිරිපුන් පිරිසක් කියලා කියන්න පුළුවන්. තවද මීරිගම ප්‍රදේශයේ ප්‍රසිද්ධ නර්තන කණ්ඩායමක් වීම ගැන ආඩම්බරයකුත් තියෙනවා.
නර්තන කණ්ඩායම හඳුන්වන්නේ කොහොමද?
Ashi with flash යන නමින් තමයි මගේ නර්තන කණ්ඩායම හඳුන්වන්නේ.
මේ වනවිට කොහොමද නර්තන කණ්ඩායමත් සමග තියෙන අත්දැකීම?
මේ වනවිට ප්‍රසංග 50 වැඩියෙන් දායක වී තිබෙනවා.
සාමාජිකයන්ගේ කැපවීම ගැන කිව්වොත්?
ඒ අය ගොඩාක් කැපවෙනවා. මේ නර්තන කණ්ඩායම ඉහළ තැනකට රැගෙන යන්න
ඉදිරි කටයුතු?
ඉදිරියේදී Ashi with Dancing academy නමින් නර්තන පුහුණු ආයතනයක් අරඹන්න සැලසුම් කරලා තියෙනවා
උදව් කරපු පිරිසක් ඇති නේද මතක් කරන්න?
ප්‍රධාන වශයෙන් නුවන් වීරසිංහ අයියා. මගේ අම්මා. මගේ නර්තන කණ්ඩායමේ සාමාජිකාවන්
ඩිලාන් ක්‍රිෂාන්ත