විශ්‍රාමිකයාගේ හෝටලේ සෙබළු පහක් වැඩ


යුද හමුදාවේ අණ දෙන නිලධරයෙක් අමාරුවේ වැටෙන්නට යතියි කියති.

හමුදා ලොක්කකුගේ හෝටලයක වැඩට යැවූ සෙබළුන් තිදෙනකු ආපසු නොපැමිණීම ඊට හේතුවයි. හමුදාපති ලුතිනන් ජනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාට ලැබුණු දුරකථන පණිවිඩයකින් වැඩේ අසුවී ඇත. ඇමතුම ලැබුණේ බස්නාහිර පළාතේ ගෙස්ට් හවුසියකිනි. ඒ එහි වැඩකරන සෙබළකුගෙනි. ඒ ගෙස්ට් හවුසියේ හිමිකරු ඔහු ඇතුළු තිදෙනකුගෙන් වැඩ ගන්නවාලු.  තමන්ගේ තත්ත්වයට නොගැලපෙන වැඩක් කරන්නට සිදුවී ඇතැයි කියනවාලු.

මේ සිව්දෙනා වහාම අත්අඩංගුවට ගන්නැයි හමුදාපති හමුදා පොලිසියට නියෝග කළාලු.