උසාවි කටයුතු වලට මැදිහත් වීමට ඇති අකැමැත්ත නිසා හදිසි අනතුරු වලට ලක් වූවන්ට පිහිට වීමට මහජනතාව මැලිකමක් දක්වන බවත්, ඒ පිළිබඳ මාර්ගෝපදේශ සහ නීතිමාලාවක් නොමැති හෙයින් තම මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවත් වීර පොදුජන පදනම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත.
පොලිස්පති, සෞඛ්‍ය අමාත්‍යා ලේකම් අනුර ජයවික්‍රම මහතා ඇතුළු අටදෙනකු නම් වගඋත්තර කරුවන් කරමින් එවැනි මාර්ගෝපදේශන මාලාවක් සකසන ලෙස ඉල්ලා එම සංවිධානයේ සභාපති කසුන් චන්ද්‍රරත්න මහතා මේ පෙත්සම ගොනු කර ඇත.