සාලාව යුද හමුදා කදවුරේ අවි ගබඩාව ආණ්ඩුව විසින් පුපුරවා හැරිය බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතා බෙලිඅත්තේ ජන හමුවක දී පැවසීය.
“අද බලන්න සාලාව අවි ගබඩාවට මොකද කලේ? අවි ගබඩාව පිපිරෙවුවා.ඒක පුපුරවල දවසෙන් සාගල රත්තානයක ඇමතිවරයා කිවුවා වැඩිපුර තියෙන අවි විනාශ කරනව කියල .ඒ අනුව තමයි වේයන්ගොඩ යුධ හමුදා කදවුරේ තියෙන බර අවි සියල්ල ත්රිකුණාමලයෙන් මුහුදට දැම්මේ. කෝටි ගණනක අවි ආයුධ මේ ආණ්ඩුව විනාශ කළා.“ යැයිද ඔහු කීවේය
මෙම ජනහමුවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු කථානායක චමල් රාජපක්, පාර්ලිමෙන්තු මන්ත්රී බන්ධුල ගුණවර්ධන යන අය සහභාගි වූහ.