වෙට්ටුවෙන් අයියා මලෝ කූඩුවට යති


දොඩංගොඩ කෙත්හේනේ දී පොලිස් යතුරුපැදියකට වෙට්ටු දමමින් ගිය බව කියන ත්‍රී රෝද රියක සිටි අයිය මලෝ දෙදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. පළා ගිය සෙබළෙකු බව කියන අයියා ද පොළොන්නරුවේ කඳවුරක කමාන්ඩෝ සෙබළෙකු බව කියන අනෙක් පුද්ගලයෙකු ද එසේ අතුඅඩංගුවට ගත් බවත් කමනේඩෝ සෙබළා  ත්‍රීරෝද රිය ධාවනය වෙද්දීම යතුරු පැදියට පහර දෙන්නට උත්සහ කර අැතැයි ද කියති.

ඒ අවස්ථාවේ පාරේ ගිය ජංගම පොලිස් රියක සහායෙන් ඔවුන් අත්අඩංගුවට ගත් බවත් නවත්වීමට කළ නියෝගය නොතකා ධාවනය කළ නිසා ටයරයට වෙඩි තැබීමට සිදු වූ බවත් පොලිසිය කියයි.