වෙලේ සුදාගේ නඩුවක් කල් යයි


හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 6.7ක් සන්තකයේ තබා ගත්තැයි වෙලේ සුදාට එරෙහි නඩුව අද (24) විභාග කළ එම්.වී.ටී.එස්. මොරායස් කොළඹ මහාධිකරණ විනිසුරු නඩු විභාගය නොවැම්බර් 23 වැනිදාට කල් තැබීය.

නඩුව විභාග කරන විනිසුරු මනිලාල්ල වෛද්‍යතිලක මහතා අද නොපැමිණීම හේතුවෙන් නඩුව විභාග කළ විනිසුරු මොරායස් මහතා එම නියෝගය ලබා දුන්නේය.