වේදිකාව නිසා කාර්ය බහුල වූ උමයංගනා


2016-04-28-ent-54

ප්‍රවෘත්ති නිවේදිකාවක ලෙස සිය වෘත්තීය දිවිය ආරම්භ කළ උමයංගනා වික්‍රමසිංහ, රංගනයෙන් දායක වූ පළමු ටෙලිනාට්‍ය වූයේ සුදත් රෝහණ මහතා විසින් අධ්‍යක්ෂණය කරන ලද කටු ඉඹුල ටෙලිනාට්‍යයයි. පසුව සුන්දරයි ප්‍රේමය සහ ඉතිං ඊට පස්සේ වැනි ටෙලිනාට්‍ය ගණනාවකටම රංගනයෙන් දායකත්වය සැපයූ ඇය ඩෙන්සිල් ජයවීරගේ 'වස්සානේ සෙනෙහස' චිත්‍රපටයටරංගනයෙන් දායක වෙමින්රිදී තිරයටද පා තබන ලදී.මේවන විට ඇය රංගනයෙන්දායක වන වේදිකා නාට්‍ය දෙකක්ද වේදිකා ගත වෙයි. ඒ පිළිබඳව ඇය "සාරවිට" අපට මෙසේ පවසා සිටියා.

"මේ දවස්වල මම රංගනයෙන්දායක වන වේදිකා නාට්‍ය දෙකක් වේදිකා ගත වෙනවා. ඒ චානක රණසූරියගේ "මාරක ළිඳේ සවාරියක්" සහ චාමික හද්‍රාවත්තගේ "රජා මං වහලා" යන වේදිකා නාට්‍යයි. ඔවුන් දෙදෙනාම තරුණ සම්මානනීය අධ්‍යක්ෂවරු දෙන්නෙක්. ඉතිං කියන්න සතුටු කාරණාවක් තමයි 2016 රාජ්‍ය නාට්‍ය උලෙළේ අවසන් වටය සඳහා මේ නාට්‍ය දෙකම තේරී පත්වුණා. දෙකම වේදිකා ගත කළා. මේ දිනවලඑහි ප්‍රතිඵල ලැබෙන තෙක් බලාගෙන ඉන්නවා. ඒවායේදර්ශනවාර සඳහා සහභාගී වෙනවා. ඊට අමතරව ස්වාධීන රූපවාහිනියේ අවුරුදු විසිපහක් තිස්සේ කරපු පැරණි චිත්‍රපට ගීත වැඩසටහන නැවත විකාශය වෙනවා. මේ මාසයේදීයි එය මුලින්ම විකාශය වුණේ. මෙගා ටෙලි නාට්‍ය ආරාධනා ලැබුණ නමුත් සම්බන්ධ වෙන්න හැකියාවක් ලැබුණෙ නැහැ. මොකද වේදිකා නාට්‍ය දෙකත් එක්ක කාර්ය බහුල වෙලා හිටිය නිසා.පසුගිය කාලයේ ප්‍රාසාංගික ටෙලි නාට්‍ය කිහිපයකට දායක වුණා. ටෙලි නාට්‍ය කිහිපයක් රූගත කරන්න ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා.

 

ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප අනුග්‍රහය - උමයංගනාගේ ෆේස්බුක් ගිණුම

 

2016-04-28-ent-53
2016-04-28-ent-52
2016-04-28-ent-51