වේදිකාවට ලොකු නෑකමක් තියෙනවා


2016-04-12-ent-76  

බොහෝ දෙනෙකු ආදරය කරන ජනප්‍රිය දක්ෂ රංගන ශිල්පියෙකු වන ඔහු මිහිර සිරිතිලකය. මිහිර සිරිතිලක ඔහුගේ කලා කටයුතු ගැන සාරවිටට කිව්වේ මෙලෙසිනි.

"ආටක නාටක", "මෙඩ්සිනා", "සබ්බ සකල මනා" නාට්‍ය‘යේ පිටපත් රචනයත් සිදුවෙනවා, මගේ වේදිකා නාට්‍ය "කෝකුක්කෝ" නාට්‍ය‘යේත්, "දෙයියො දන්නෑ" යේ සහ "නරිබුරති" කියන වේදිකා නාට්‍ය‘යත් වේදිකා ගත වෙනවා. "සිංහයා" චිත්‍රපටය මේ දිනවල තිරගත වෙනවා. ඒ වගේම මේ මාසෙ සහ මැයි මාසෙ විදේශ ගත වීමට නියමිතව තිබෙනවා.

මම රචනා කර අධ්‍යක්ෂණය කළ "කෝකුක්කෝ" නාට්‍ය දර්ශණ වාර සියයකට ආසන්නයි. "නරි බුරති" නාට්‍යයේ දර්ශන වාර තුන්සියය ඉක්මවා තිබෙනවා. "දෙයියොත් දන්නෑ" නාට්‍යයත් එවගේමයි. මම මුලින්ම දායක වුණේ වේදිකා නාට්‍ය නිසා වේදිකා නාට්‍ය එක්ක ලොකු නෑකමක් තිබෙනවා. වේදිකා නාට්‍යවලට ඉහළ ප්‍රතිචාර තිබෙනවා. විදෙස් ගතවීම් නිසා මේ වසරේ වේදිකාවට යොමුවෙන එක සීමා වුණේ.

මගේ නවතම වේදිකා නාට්‍ය සූදානමක් තිබෙනවා. චිත්‍රපටයකට දායක වෙන්න ආරාධනා ලැබිලා තිබෙනවා. ඕමාන් රටේ අයට අප්‍රේල් මස 15 වන අපට හමුවෙන්න පුළුවන්. 22 දා කුවේට් රටේ ඉන්නවා. මැයි මස ඉතාලිය ඇතුළු රටවලදී අප හමුවෙන්න පුළුවන්.

මම සෑම අවුරුද්දකම මගේ ගම අගුණකොළපැලැස්සට යනවා මගේ අම්මා බලන්න. එහෙත් මෙම අවුරුද්ද ගත වෙන්නේ විදෙස් රටක."

 

ඡායාරූප අනුග්‍රහය - මිහිරගේ ෆේස්බුක් ගිණුමෙන්

 

2016-04-12-ent-77

2016-04-12-ent-78