ජනප්‍රිය පොප් ගායිකා රිහානා පසුගියදා පැවති ප්‍රසංගයකදී වේදිකාවේ ගී ගයන අතරතුර හඬා ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. පසුගිය අඟහරුවාදා අයර්ලන්තයේ පැවති ප්රසංගකදී මේ සිදුවීම සිදුව ඇත. ඇය මේ ප්‍රසංගය සඳහා සහභාගී වී ඇත්තේද විනාඩි 30ක කාලයක් ප්‍රමාද වී බවට සඳහන් වෙයි. ඇය මෙලෙස වේදිකාව මත හඬමින් ගායනා කර ඇති ගීතය වන්නේ "Love the Way you Lie" නම් ගීතයයි. මෙලෙස ඇය හැඟීම්බර වූයේ කුමක් නිසාද යන්න බොහෝදෙනාට ගැටලුවක් බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
අනූද