වේදිකාවේ කුණුකතාව


2016-06-14-ent-06මේ රටේ තියන ඉහළම පෙළේ රඟහලක කලාවට සම්බන්ධ ලොකු උත්සවයක්.. මුළු ශාලාව පුරාම සිනමා තරැ පායල තිබුණ ප්‍රභූවරැ වගේම මැති ඇමැතිගොල්ලත් හිටු කියලා ඇවිත් හිටියා...

මේ උත්සවේ ප්‍රධානම අරමුණ සම්මාන පිදීමක්.. ඉත්නි ඒකට ආරාධනා කරල තිබුණෙ රටේ ඉහළම පෙළේ තනතුරක් හොබවන ලොකුම ලොකු මහත්තයකුට..

උන්නැහේ මේ උත්සවය සඳහා කොළඹ 07 "පොකුණ"ට සම්ප්‍රප්ත වෙනකොට වැඩේ පටන් අරන්.. මේ උත්සවේ භාර ආයතනෙ ලොක්කෙක් කතාකරමින් හිටිය.. ප්‍රධාන ආරාධිතය ආවත් ඒ කතාව කළ මනුස්සයට ඒකෙ ගාණක් නැහැ.. එයාටික වෙලාවක් ඒගොල්ලන්ගෙ පම්පෝරිය ගහලා සභාව මෙහෙයැවූ සිනමාකරැට නිවේදක ජොබ් එක බාර දුන්නා..

සිනමාකරැ මයික් එක අතට අරන් සුපුරැදු විදියට ඒකට කටින් පිඹලා වැඩේ පටන්ගන්න යනකොට ශබ්ද පරිපාලනේ ලොකු දෝසයක් සිද්ධ වෙලා...

එක පාරටම කතාවෙ සද්දෙ නැත්නම් වොලියුම් එක වැඩි වුණා. රටේ ලොක්කන් ඉස්සරහ එකපාරටම මේ විදියට කතාවෙ සද්දෙ කන පැලෙන සයිස් එකට වැඩිවුණාම කලබල වුණු ශබ්ද පරිපාලක තැනට මල පැන්න... මල පැනල සිංහලේ මහ කුණුහරැපයක් හයියෙන් කිව්ව.. අනේ ඒ හාදයගෙ අවාසනාවට මේ කුණු කතාව වයර් එක දිගේ ස්පීකර්වලට ගිහිල්ලා... පැමිණ සිටි සෑම ප්‍රභූවරයකුටම මහ හඬින්ම ඒක ඇහුණා කාටත් වුණේ හතරමහ විලි ලැජ්ජාව. හැමෝම මූණට මූණ බැලුව මිසක් මුකුත් කීවෙ නැහැ.. ප්‍රධාන ආරාධිත තුමත් පුදුමයෙන් පුදුමයටත් අපහසුවටත් පත් වුණාලු.

ඊට පස්සෙ ලොකුමහත්තයට මේකට ආරාධනා කරපු "මාධ්‍ය ඔස්තාර්" කෙනකුට කතා කරලා හොඳවයින් දෙකක් කිව්වා කියලත් ආරංචියි... ඉදිරියේදි මේ වගේ කේස් ගැන  කරන්න ඕන දේ ගැනත් තීන්දුවක් ගත්තලු.

 

DESHAYA