වෛද්‍ය හමු සහ වෙනත් පොදු තොරතුරු ගැන විමසමින් හමාඞ් රෝගී සම්බන්ධතා මධ්‍යස්ථානයකට දිනකට දුරකථන ඇමැතුම් 1,700ක් පමණ ලැබෙන බව එහි උසස් නිලධාරියෙක් පවසයි.
මෙම මධ්‍යස්ථානය ස්ථාපිත කරනු ලැබුවේ රෝගීන්ට සිය වෛද්‍ය හමු කළමනාකරණය කරගැනීම සහ ඍජුවම හමාඞ් වෛද්‍ය සංස්ථාව සමග සබඳතාවයක් ගොඩනගාගැනීමට අවස්ථාවක් ලබාදීම සඳහා බවද හමාඞ් සෞඛ්‍ය තත්ත්ව ආයතනයේ නියෝජ්‍ය ප්‍රධාන තත්ත්ව නිලධාරී සහ සම අධ්යක්ෂවරයාදවන නාසර් සයීඞ්අල් නයිමි ය.
“මෙම මධ්‍යස්ථානය ස්ථාපිත කරනු ලැබුවේ පොදු තොරතුරු පිළිබඳව කෙරෙන විමසීම්වලට පිළිතුරු ලබාදීම සහ රෝගීන්ට ඔවුන්ගේ වෛද්‍ය හමු වඩාත් පහසුවෙන් ස්ථීර කරගැනීම, නැවත සැලසුම් කිරීම සහ අවලංගු කිරීමේ අවස්ථාවක් ලබාදීම සඳහායි” යනුවෙන් අල් නයිමි පවසයි.
“එසේම රෝගීන්ට ඔවුන්ගේ වෛද්‍ය හමුවට දින පහකට පෙර හමාඞ් රෝගී සම්බන්ධතා මධ්‍යස්ථානයෙන් සිහිකැඳවීමේ ඇමතුමක් ලැබෙනවා. එසේම වෛද්‍ය හමුවට දිනකට පෙර කෙටි පණිවුඩයක් මගින් ඒ බව සිහිපත් කෙරෙනවා” යනුවෙන් ඔහු පෙන්වාදෙයි.
රෝගී සම්බන්ධතා මධ්‍යස්ථානය දිනකට ඇමතුම් 3,650ක් පමණ ලබාගන්නා අතර එය මේ වනවිට හමාඞ් වෛද්‍ය සංස්ථාව සහ එහි රෝගීන් අතර සන්නිවේදනය ගොඩනගන වැදගත් මාධ්‍යයක් බවට පත්ව ඇත.
“4439 5777 දරන අංකය යටතේ මේ මධ්‍යස්ථානය ආරම්භ කළේ 2011 අවුරුද්දේ. දිනපතාම විවෘතව තැබෙන මෙම මධ්‍යස්ථානයේ රෝගීන්ට අවශ්‍ය සහාය ලබාදීම සඳහා 225ක පමණ කාර්ය මණ්ඩලයක් සේවය කරනවා” යැයි අල් නයිමි පවසයි.