ශිරන්තිට දුන් රිය බර කොන්දේසි මත රතු කුරුසෙට


ශ්‍රීලංකා රතු කුරුස සංගමය හිටපු ජනපති බිරිය වන ශිරන්ති රාජපක්ෂගේ සිරිලිය සවිය වැඩසටහනට ලබාදී තිබූ ඩබ්ලියු.පී කේ.ඒ.0642 දරන ඩිෆෙන්ඩර් රථය ඇප කොන්දේසි වලට යටත්ව නැවත රතු කුරුසයටම මුදා හරින ලෙසත් මැයි 11 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසත් රතු කුරුස සංගමයේ අධ්‍යක්ෂක ජනරාල්වරයාට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නොතීසි නිකුත් කළේය.

මෙම රථයේ චැසි අංක සහ එන්ජින් අංක වෙනස් කිරීමක්,විකෘති කිරීමක් හෝ මකා දැමීමක් සිදුකර නැතැයි රජයේ රස පරික්ෂකවරයා අධිකරණය වෙත ඉදිරිපත් කර තිබූ වාර්තාව සැළකිල්ලට ගෙන ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.