බොලිවුඩයේ සුපිරි නළු ෂාරුක් ඛාන්ගේ බිරිඳ ගෞරි ඛාන් පවසන්නේ, ඇගේ සැමියා නිවසේ එදිනෙදා කටයුතුවලට හොඳින් උදවු කරන බවයි. විලාසිතා නිර්මාණ ශිල්පිනියක ලෙස ගෙවෙන ඇයගේ කාර්ය බහුල ජීවිතයට ෂාරුක් ඛාන් දරුවන් බලාගැනීමටද මනා සහායක් වන බවයි ඇය පවසන්නේ.
මම කරන සියලු කටයුතුවලදී සොයාබලා උදවු කිරීම ඔහුගේ හොඳ ගුණාංගයක් ලෙස මා සඳහන් කරන්නට කැමති යැයි ගෞරී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවා.