ෂාරුක් දියණියගේ බිකිනි ඡායාරූප අයින් කරයි


2016-07-04-ent-02

මීට මාස කිහිපයකට සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්ගේ දියණිට සුහානා ඛාන් සහ බාල පුත් අභිරාම් මුහුදු වෙරළක පෙනී සිටි ඡායාරූපයක් ලොවපුරා අන්තර්ජාල වෙබ් අඩවිවල පළවී තිබුණා. සිය පවුල වෙනුවෙන් සැමවිටම මූලිකත්වය දී කටයුතු කරන්නෙකු ලෙස ප්‍රසිද්ධ ෂාරුක් ඛාන්, පසුගියදා සිය "ට්විටර්" ගිණුම හරහා පණිවිඩයක් තබමින් සඳහන් කර තිබුණේ සිය දියණිය සුහානා පෙනී සිටින මෙම ඡායාරූපය අන්තර්ජාල වෙබ් අඩවිවලින් ඉවත් කරන ලෙසය.

"මගේ දුව බිකිනියකින් සැරසි ඉන්න ඡායාරූප මම දැක්කා අන්තර්ජාල වෙබ් අඩවි කිහිපයක. ඇය තාම පුංචි දරුවෙක්. අනික ඇය මම ඡායාරූපයේ පෙනී හිටියේ ඇයගේ කුඩා සහෝදරයා සමග. තවමත් ඇයට අවුරුදු 16ක් සපිරුණා විතරයි. පහත් වින්දනයක් අපේක්ෂාවෙන් මෙම ඡායාරූපය පළ කළා නම් එය වැරැද්දක් විදිහටයි මම දකින්නේ. ගැහැණු දරුවෙක් බිකිනියකින් පෙනී ඉන්න ඡායාරූප අන්තර්ජාලයේ හෝ වෙනත් ඕනෑම මුද්‍රිත මාධ්‍යයක පළ කළා කියලා මම එහි ගැටලුවක් දකින්නේ නැහැ. නමුත්, මට තියෙන ප්‍රශ්නය තමයි මෙම ඡායාරූප පළ කිරීම නිසා තවකෙකු අපහසුතාවට පත් වෙනවා කියන එක ගැන මීට වඩා හිතන්න අවශ්‍යයි කියලා. කරුණාකරලා මගේ දියණිය ඉන්න ඒ ඡායාරූපය ඉවත් කරන්න කියලා හැමදෙනාගෙන්ම ඉල්ලා සිටිනවා."

 

2016-07-04-ent-03
2016-07-04-ent-04

 

 related-ARTICAL