අද (ජුලි 07 වැනිදා) දිනයට යෙදී තිබුණ ෂාහිඩ්, මීරා යුවළගේ පළමු විවාහ සංවත්සරය වෙනුවෙන් ෂාහිඩි සිය 'ටිවිටර්' ගිණුමේ ඔහු විසින් බිරිඳ මීරාට දුන් හාදුවක් සහිත ඡායාරූපයක් පළ කර තිබුණි. මේ වනවිට ෂාහිඩ්ගේ බිරිඳ මීරා සිය පළමු දරුවා ලැබීමට සූදානමින් සිටියි.
ෂාහිඩි මෙම ඡායාරූපයද සහිතව "Happy first anniversary my love. @mira.kapoor you are my sunshine."වැකියද සඳහන් කර තිබුණි. මේ වනවිට ෂාහිඩ් රංගනයෙන් දායක වන 'උද්තා පන්ජාබ්' අති සාර්ථකව තිරගත වන අතර, ෂාහිඩ් ඒ පිළිබඳව මාධ්‍යය දැනුවත් කරමින් සඳහන් කර ඇත්තේ මෙම චිත්‍රපටය ලැබෙන්නට සිටින තම දරුවාගේ වාසනාවට සාර්ථක වූ බවය.
ෂාහිඩ් හා මීරා යුවළට ලැබීමට සිටින දරුවා මෙළොව එළියදැකීමට නියමිතව ඇත්තේ ලබන ඔක්තෝබර් මාසයේදී බව සඳහන් වේ.