සංචරණ සීමා ක්‍රියාත්මක කරන්න 20,000 බල ඇණියක්


(ඉන්දිකා රාමනායක)

සංචරණ සිමා නීති ක්‍රියාත්මක කිරීම සඳහා පොලීසියේ 20,000 අධික නිලධාරීන් පිරිසක් සේවයට යොදවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

12 වැනි දා රාත්‍රියේ සිට 31 වැනි දින දක්වා ක්‍රියාත්මක සංචරණ සීමා ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීම සඳහා මෙම පිරිස යොදවා ඇතැයිද හෙතෙම කියා සිටියේය.

මෙම පිරිසට අමතරව ත්‍රිවිද හමුදාව සහ සිවිල් ආරක්ෂක බලකායේ භට පිරිස් ද යොදවා ඇතැයි හෙතෙම කීය.