සක්විති එළියට දාන්න එපා


ඉංග්‍රිසි ගුරුවරයකු වී පසුව ව්‍යාපාරිකයකු වු සක්විති රණසිංහට ඇප නොදෙන්නයි නිතිපති අද (15) කොළඹ මහාධිකරණයෙන් ඉල්ලා සිටියේය. සක්විති නිවාස හා ඉදිකිරිම් සමාගමක් නුගේගොඩ පිහිටුවා තැන්පත්කරුවන්ගේ රුපියල් කෝටි 163 ට ආසන්න මුදලක් වංචා කළැයි සිද්ධිය කොළඹ මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා ඉදිරියේ නඩුව විභාගයට ගැනිණි.

ඔහුගේ නිතිඥයා ඔහුට ඇප ඉල්ලීය. රජයේ ජ්‍යෙෂ්ඨ නිතිඥ දිලිප පිරිස් මහතා ඊට දැඩි විරෝධය පළ කළේය.

තැන්පත්කරුවන්ගේ මුදල් වංචා කර දිර්ඝ කාලයක් ගත වී  ඇතත් එම මුදල් ආපසු ගෙවීමට ඔහු කිසිවක් කර නැතැයි එහෙයින් ඔවුන්ට ඇප නොදිය යුතු යැයි ඔහු තරයේ කියා සිටියහ.

2006 සහ 2008 කාලයේ දී තැන්පත්කරුවන්ගේ රුපියල් කෝටි 163 කට වංචා කළැයි සක්විතිට අමතරව බිරිය කුමාරි අරුන්දති, දර්ශනී මධුවන්ති,සන්දීපිකා අධිකාරම්, උපේක්ෂා ජයසුරිය, අසිත ප්‍රභාත්, දොන් නාලක තුෂාර,චතුරි අප්සරා, සිත්රුවන් ධනංජන, චානක සුරේෂ් හා කේසර සමන් කුමාර වෙති.