සජබ පෙළපාළියට එන පිරිස් ආපසු හරවා යවයි


සමගි ජන බලවේගය කොල්ලුපිටිය - ගාලුපාරේ අද පැවැත්වීමට නියමිත උද්ඝෝෂණයට සහභාගී වීමට දුර පළාත්වල සිට කොළඹ බලා පැමිණෙමින් සිටි පිරිහි ආපසු හරවා යැවීමට පොලිසිය කටයුතු කළේය.

රටේ විවිධ නගරවල පොලිස් මාර්ග බාධක යොදා කොළඹට එන සියලු බස් රථ දැඩි පරීක්ෂාවට ලක් කිරීමට පොලිසිය පියවර ගෙන තිබුණි.

ඒ අනුව සමගි ජන බලවේගයට සහභාගීවීමට එන සියලු බස් රථ ආපසු හරවා යැවීමට කටයුතු කරනු අයුරු දක්නට ලැබිණි.

(ඡායාරූප: ජී.ඒ.පී කුමාර)

නොච්චියාගම ප්‍රදේශයෙන් සහභාගී වන පිරිස් රැගත් බස් රථ සඳහා ගමන් කිරීමට ඉඩ නොදීම


(ඡායාරූප: රංජිත් රාජපක්ෂ)

නුවරඑලිය දිස්ත්‍රික්කයේ සමගි ජන බලවේග ආධාරකරුවන් ගමන් ගත් බස් රථ දෙකක් පොලිසිය ආපසු හරවා යැවිම


(ඡායාරූප: හිරාන් ප්‍රියංකර ජයසිංහ)

සමගි ජනබල වේගය විරෝධතා රැලියට කොළඹ එමින් සිටි දේශපාලඥයින් ඇතුළු ආධාරකරුවන් කළාඔයෙදී ආපසු හරවා යැවිම


(ඡායාරූප: බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ජන බලවේගය කොළඹට උද්ඝෝෂණයට සහභාගිවීමට පාක්ෂිකයන් සමග යමින් සිටි අජිත් පී පෙරේරා ව බණ්ඩාරගම දී පොලිසියෙන් හරවා යවයි